World

උද්‍යානයකදී තිදෙනෙක් ඝාතනය කළ ත්‍රස්ත සැකකරු බුද්ධි අංශ අවධානයෙන් රිංගා ගිහින්

එක්සත් රාජධානියේ රීඩින්ග් ප්‍රදේශයේ දී පිහියෙන් ඇන තිදෙනෙක් ඝාතනය කළ පුද්ගලයා පිළිබඳ ව බුද්ධි අංශ පෙර දැන සිටි බව වාර්තා වේ.

සෙනසුරාදා (20)දින උද්‍යානයක් තුළ දී සිදු කළ පිහි ඇනුම් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැළකේ.

25 හැවිරිදි කයිරි සාදාල්ලා එදිනම අත්අඩංගුවට ගත් අතර පොලිසිය පැවසුවේ වෙනත් සැකකරුවන් ගැන සොයා බැලීමක් නොකරන බවය.

සැකකරු ලිබියාවෙන් සංක්‍රමණය වී ඇති අතර 2019 දී එක්සත් රාජධානියේ M15 බුද්ධි සේවය ඔහු ගැන අවධානයෙන් සිට ඇත.

කයිරි සාදාල්ලා විදෙස්ගත වීමට උත්සහ දරන බවට තොරතුරු හෙළිවීමත් සමගම බුද්ධි අංශ ඔහු කෙරෙහි අවධානයෙන් සිටි බව වාර්තා වේ.

ඔහු විදෙස්ගතවීමට උත්සහ දරන්නේ ත්‍රස්ත ක්‍රියා සඳහා දැයි සොයා බැලුව ද ඒ පිළිබඳ ව නිශ්චිත ව කිසිවක් හෙළි කර ගැනීමට බුද්ධි අංශ සමත් වී නැත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday