Colombo Today Local News

උදයංග වීරතුංග අල්ලන් එන්න තවත් පිරිසක් ඩුබායි යති…

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.

වීරතුංග මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් අන්තර්ජාතික වරෙන්තුවක් රැගෙන එම කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. පියන්ත මහතා ඇතුළු පිරිසක් මෙසේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පසුගිය 08දා හා 09දා හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට ඩුබායි බලා ගියද ඒ වනවිට වීරතුංග මහතාට එරෙහිව අධිකරණයෙන් නිල් වරෙන්තුවක් නිකුත් කර තිබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

උදයංග විරතුංග මහතා සිය පවුලේ අය සමග ඇමරිකාව බලා යාමට උත්සා කිරීමේදී ඩුබායි ගුවන් තොටුපොළේ දී පසුගිය 04 දා එරට ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගෙන පසුව දින දෙකකින් නිදහස් කළේ ය.

විරතුංග මහතාට එරෙහිව මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

නිල් වරෙන්තුවකින් නෛතික කටයුතු කළ හැක්කේ රදවා ප්‍රශ්න කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකා රජයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඩුබායි රට බලා යෑමෙන් අනතුරුව නැවත රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර් ජාතික පොලීසිය ( Interpol) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව මෙම කණ්ඩායම නැමත ඊයේ දින රතු වරෙන්තුවක් සහිතව මෙසේ පිටත්ව ගොස් තිබේ.

Related posts

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන පහසුකම් පුළුල් වෙයි | නව විගමන කවුළු ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට

colombotoday

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin