Colombo Today Local News

උතුම් මැදින් පුන් පොහොය අදයි !

මැදින් පොහොය උදාවන්නේ මාර්තු මාසයේදීය. මෙම පොහොය ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි.

• සුද්ධෝදන රජතුමා තම පුතණුවන් උතුම් වූ බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැන උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් “කාළුදායි ඇමති” පිටත් කොට උන් වහන්සේව “ශාක්‍ය දේශය”(වර්ථමානයේ නේපාලය) බලා වැඩම කරවූයේ මැදින් පුන් පොහොය දිනකදීය.

• අනෙකුත් ශාක්‍ය වංශික රජවරු, කුමාරවරු ඉතාමත් මාන්නාදික පිරිස් වූහ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වුවද තමන්ට වඩා වයසින් බාල නිසා උන් වහන්සේට වැද නමස් කාර කිරීමට පසුබට විය. මෙය තේරුම් ගත් අප බුදු පියාණන් වහන්සේ ඔවුන්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට නැග “යමා මහ පෙළහර” පෑ සේක.එය දුටු සුද්ධෝදන රජු තම පුතුට (ලොව්තුරා බුදු පියණන් වහන්සේ හට) තෙවන වරට වදින ලද්දේ මැදින් පුන් පොහොය දිනයේය.

• බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු සියළු සුඛ විහරණ අත් හැර අල්පේච්ච ජීවිතයක් ගත කළ “යසෝදරා” දේවිය බැහැ දැකීමට “කිඹුල්වත් නුවරට” වැඩම කල බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යසෝදරා දේවියට “සඳ කිඳුරු” ජාතකය දේශනා කරන ලද්දේ ද මැදින් මාසයේදීය.

• අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “කිඹුල්වතට” වැඩම කර පිළිවෙලින් තෙවන හා සත් වන දිනයන්හීදී “නන්ද” කුමරුන් වත් “රාහුල” කුමරුන්වත් පැවදි කළ සේක. යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරුන් හට “නරසීහ ගාථා” හා පිය ගුණ කියා දී මග වඩින බුදු පියාණන් වහන්සේ පෙන්වා උන් වහන්සේ සතුව ඇති වස්තුව, තම උරුමය ලබා ගන්න යැයි පවසමින් රාහුල කුමරුන් එමගට යැවූහ. පසුව රාහුල කුමරු බුදු පියාණන් පසු පස විහාරයට වැඩම කලේය. ඉන් පසු බුදු පියාණන් වහන්සේ රාහුල කුමරුන්ව පැවදි කරන මෙන් සැරියුත් තෙරුණුවන් හට වදාල සේක. මෙය දැනගත් සුද්ධෝදන රජු ඉමහත් ශෝකයට පත්ව දෙමව්පියන් හා දරුවන් අතර ඇති කිසිදා නොබිදෙන සම්බන්ධය පිළිබදව බුදුන් වහන්සේ හට පවසා නැවත දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවන් සසුන් ගත නොකරන මෙන් ඉල්ලා සිටියේය. එ හේතුවෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් කිසිදිනක දී දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුල පැවදි කරනොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් පුන් පොහොය දිනයකදීය.

• පසුව අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මාළිගයට වැඩම කර දානය වළදා සුද්ධෝදන රජතුමා ඇතුලු පිරිසට “ධර්මපාල ජාතකය” වදාල සේක. ඉන් පසු සුද්ධෝදන රජු “අනාගාමී ඵලය” ලබාගත්තේය. මේ සියල්ලම මැදින් පොහොය දිනය ඇසුරින් සිදුවිය.

• වර්ථමානයේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට මැදින් පුන් පොහොය වැදගත් වන්නෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇති “ශ්‍රී පාද” වන්දනාවට සුදුසුම කාලය මැදින් මස තුල උදාවන නිසායි.

Related posts

අපේ මිනිස්සුන්ගෙ කුසගිනි හදුනාගත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසල.

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

බදුර්දීන්ගේ බිරිද 2008 සිට මිනිස් ජාවාරම කරලා. ට්‍රෝලර් ඇතුලේ මියගිය ගණන දන්නෙත් ඇයයි – විශේෂ හෙළිදරව්ව

colombotoday

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

colombotoday