Colombo Today Local News

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් පාවිච්චි කරන බවට රංජන් රාමනායක මහතා පවසන අතර ඔහුගේ හොම්බට ගහන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මේ දෙදෙනාම එ.ජා.ප.යේ. තරුණ මන්ත්‍රීවරුන් වන අතර ඉදිරි ඡන්දයේදී ජනතාව මේ දෙදෙනාගේම හොම්බට ගහන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23)දා සවස හාලිඇළදී  පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,         

‘‘ සමහරුන් දැන් ඡන්ද ගැන කතා කළාට සිංහල අවුරුද්දට කලින් කිසි දෙයක් වෙන්නේ නෑ. ඊටත් වඩා දැන් ‍රටේ දේශපාලන නායකයෝ හැමෝම කතා කරන්නේ විසිවැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේ සංශෝධනය  ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. ඒ සංශෝධනය සම්මත වුණොත් ඉන් පස්සෙ පත්වෙන ආණ්ඩුවේ ඉන්නේ නාමික ජනාධිපතිවරයෙක්.

 මේ යෝජනාව ගැන පක්ෂ නායකයින් හැමෝම ලොකු උනන්දුවක් දක්වන්නේ ඒ නිසයි. මොකද විධායක ජනාධිපති බලතල වැරදි කෙනෙක් අතට ගියොත් වෙන්නේ කියලා ඒ අය හිතනවා. පසුගිය අවුරුදු හතරෙදී සිදුවුණෙත් ඒකමනේ. ඒ නිසා බොහෝ දෙනා හිතන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි වීම හොඳයි කියලයි. එහෙම වුණොත් ආයෙ ජනාධිපතිවරණ වැඩක් නෑ.                                                                                                               

නමුත් දැන් පේන විදිහට ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආයෙත් ඉල්ලනවා. මේ අවුරුද්ද මැතිවරණ වසරක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය අවුරුදු හතරේ හරියට රටට දැනෙන වැඩක් කළේ නෑ. ඒත් මේ අන්තිම අවුරුද්දේ මෛත්‍රීපාල මහත්තයා වැඩ කරනවා. දැන් මත්ද්‍රව්‍ය අල්ලනවා. පාතාලය නැති කරනවා. ඒ විදිහට බලනකොට මෛත්‍රීපාල මහත්තයා ආපහු ජනාධිපති ධුරයට ඉල්ලයි. හැබැයි පොහොට්ටුවෙන්නම් මෛත්‍රීපාල මහත්තයාට ඉල්ලන්න දෙන්නේ නෑ.

මොකද පොහොට්ටුවේ අය හිතන්නේ ඒකට රාජපක්ෂ කෙනෙක්ම දාන්නයි. මම වුණත් සහයෝගය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාම එනවානම්.  එහෙම නැතිනම් මම සහයෝගයක් දෙන්නේ නෑ” යනුවෙන් ඔහු පැවසිය.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 දා කෝප් කමිටුව හමුවට

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

විජේවීර හා මාක්ස්වාදය අතහැර බුදු මගට පිලිපන් විප්ලවවාදියා..!!!

colombotoday

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday