Colombo Today Local News

ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් විග්නේෂ්වරන් සිංහලයන්ට විරුද්දව යෝජනා 27ක් සම්මත කරගෙන

සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඒ සඳහා උපාය මාර්ගිකව අවශ්‍ය වන යෝජනා 27ක් සම්මත කරගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

විග්නේෂ්වරම් මහතා මහ ඇමැති ධුරය දැරූ වසර පහක කාලයේ දී මෙම යෝජනා සම්මත කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම සියළු යෝජනා සම්මත කරගෙන ඇත්තේ සිංහලයන්ට එරෙහිව බවද පැවසූ ඔහු සිංහල නායකයන් සැලසුම්සහගතව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බව ඉන් එක් යෝජනාවක් යයිද කියා සිටියේය.

එමෙන්ම සිංහල දේශපාලනඥයන් සැලසුම් සහගතව දෙමල කාන්තාවන් වඳභාවයට පත් කිරීම කලේ යයිද යෝජනාවක් සම්මත කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

නමුත් මෙම කිසිදු යෝජනාවක් පැවැති යහපාලන රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකළ බව ද ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න සර්ව පාක්ෂික සමුළුවක්!

colombotoday

කුඩු තොගයට බදුර්දීන්ගේ නම පැටළේ.. මල්ලිත් එක්ක සෙට් වෙලා රටට කුඩු අදින හැටි මෙන්න !

colombotoday

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday