Colombo Today Local Newsfeatured

ඉවැන්ජලිකල් පල්ලියකට පහර දුන් බවට ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉල්ලා අස්කරගනී

2008 වසරේදී තලාහේන ඉවැන්ජලිකල් මුලධර්මවාදී පල්ලියකට පහර දුන් බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමකට චෝදනා එල්ල කරමින් නීතිපති විසින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ ඇපෑල අද(23) නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

මීට ඉහතදී මෙම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග කෙරුණු අතර මහෙස්ත්‍රාත්වරියගේ අවසරය පරිදි ඥානසාර හිමි පැය දෙකකට ආසන්න කාලයක් විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කර සිටියා. අනතුරුව 2014 වසරේදී තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරිය, ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.

යහපාලන රජය බලයට පැමිණීමත් සමගම ඇමරිකානු තානාපති කාර්යාලයේ බලපෑම මත මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ඇපෑලක් ඉදිරිපත් කරමින් ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා වැරදි කරු කරන ලෙස නැවත ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් වසර තුනකට ආසන්න කාලයකට පසුව නීතිපතිවරයා විසින් (23) අද මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇත.

Related posts

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

ශාසනාරක්ෂක සභාව වැලිකන්දෙන් නවතන්න.. අගමැති කාර්යාලයෙන් පොලීසියට නියෝග !

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අළුත් අවුරුද්දට සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්…

colombotoday

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

colombotoday

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday