Colombo Today Local News

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරනු ලබන ඉන්සියුලින් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකෙරෙන කර්මාන්ත ශාලාව සඳහා අද (18)දින මුල්ගල් තැබීය.

එම කර්මාන්ත ශාලාව කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ස්ථාපිත කිරීමට නියමිතය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ රදැල්ල සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකෙරෙයි.

රුපියල් බිලියන 3.5 ක ආයෝජනයක් වන මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් මාස 24ක් තුළ අවසන් කිරීමට නියමිතය.

දියවැඩියා රෝගීන්ගේ භාවිතය සඳහා ඉන්සියුලින් ඖෂධය ඉන්දියාව-පාකිස්තානය-බංග්‍ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල්වලින් ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් බිලියන 3.3කි.

සැලසුම්‍ කරඇති පරිදි වසර දෙකකදී ඉන්සියුලින් නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් පසු එම ඖෂධය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර අපනයනය ආරම්භ කිරීමටද නියමිතය.

Related posts

අනුර සේනානායකට ඇප !

colombotoday

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

අලි සබ්‍රි ගේ කුපාඩි දේශපාලනය හා අල්-ටකියා දෙබිඩි කතා – චෝදනාවලට බොදු බලෙන් ප්‍රතිචාර !

colombotoday

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin

මුස්ලිම් ජනයා වෙනුවෙන් යහපාලනයට එරෙහිව අසාද් සාලි ජිනීවා යයි (Video)

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගෙන් වංචාව වහගන්න මෙහෙයුමක්

colombotoday