Colombo Today Local News

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා කඩා වැටී ඇති මෙරට ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසුවේ ඊයේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී කොරෝනා ගැන කතා කරද්දි කොරෝනවලට කිසිම සම්බන්ධයක් නැති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැනත් මතක් කර ඇති බවයි.

හිටපු මන්ත්‍රී වරයා ඇමැති සාගල රත්නායක මහතාගේ සමයේදී කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ වැඩ 95%කට වඩා අවසන් කර තිබියදී එහි කලමනාකාරණය බදු දීමට අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු මැදිහත් වීමක් ඇති ජපාන සමාගමක් සමග අත්සන් කෙරුණු බවත් වරායේ සියලු සේවක සංගම් ඒ සදහා විරුද්ධ වූ අතර එම ජැටියෙන් ලාභ ලබා පෙන්වීමට පොරොන්දු වුවත් පැවැති රජය ඒ පිළිබද මායිම් නොකළ බවත් බිමල් රත්නායක මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොළඹ වරායේ දකුණු ජැටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී චීනයට ලබා දුන් අතර ඒ නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කටයුතු කළ බවයි.

එහෙත් ඒ අවස්ථාවේ එල්ල වුණු සේවක විරෝධය හමුවේ එම පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි වුණු අතර එහෙත් අත්සන් කෙරුනු ගිවිසුම් අවලංගු නොකෙරුණු බවත් රත්නායක මහතා කියා සිටියේය.

කොළඹ වරායේ කුමන ජැටියක් විදෙස් රටකට පැවරුවද එය රට උගස් කිරීමක් වන අතර කොරෝනාවලින් රට බේරා ගන්නා සේම කොළඹ වරායේ නැගෙනහිර ජැටියද බේරා ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් රත්නායක මහතා පැවසුවේය.

-citizen

Related posts

එජාප මංත්‍රී තිදෙනෙක් දිගටම සජිත්ට උදව් කරන්න මංගලගෙන් බාර් පර්මිට් ඉල්ලලා

colombotoday

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

ද්‍රවිඩ සන්ධානය කිව්වට බෑ… දරුණු කොටි 110ක් නිදහස් කිරීම ජනපති දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි…

colombotoday

අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන්ට දඩුවම් කරන්න – මුස්ලිම් කවුන්සිලය අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday