Colombo Today Local News

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (26දා) පැවසීය.

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමට තරම් බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති බැවින් ඉදිරි මාස 04 තුළදී එම ධුරයේ වෙනසක් සිදුනොවන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාරාවසාන කළද කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යායුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

අභිනව පාර්ලි‌මේන්තුවක ප්‍රථම රැස්වී‌මේදී ‌හෝ තනතු‌රේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හි පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 04හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කථානායකවර‌යෙකු පත්කර ගනු ලැබේ.

කථානායක ධුරයට යම් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට වෙනත් මන්ත්‍රීවරයකුට හැකියාව තිබෙන අතර, කථානායක ධුරය සඳහා එකකට වැඩි නම් සංඛ්‍යාවක් ‌යෝජනා ‌කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් ඡන්දය විමසිය යුතු බවද ස්ථාවර නි‌යෝග අංක 04 හි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

නැගෙනහිර පළාතේන් පැය 24 ට කොව්ඩ් ආසාදිතයන් 42ක් සොයා ගනී

colombotoday

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

colombotoday

මාධ්‍ය හමුවකදී රන්ජන්ට මළ පනී.. මාධ්‍යවේදියාටත් තග දමා කැමරාවටත් පහර දෙයි

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

සේනාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි… අක්කර 10.000ක් විනාශයි…

colombotoday

බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයි

colombotoday