Colombo Today Local News

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

පවතින 08 වන පාර්ලිමේන්තුව සැසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා දිනයේදී විසුරුවා හරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඉන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය පමණක් ඇති භාරකාර ආණ්ඩුව ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

එවැනි භාරකාර ආණ්ඩුවක දී බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමතිවරුන්ට පමණක් වන අතර රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගේ බලතල අහෝසි වෙයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් එළඹෙන 05 වැනිදා සියලුම තේරීම් භාර නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

colombotoday

Video: ඥානසාර හිමියෝ විජිතපුර සටනට යති. නිතිය ක්‍රියාත්මක නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

colombotoday