World

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

18c11e4dd9d5135dbb2f818104c3e249-1024x576සිරියාව තුළ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික පැල්මයිරා නගරයේ තිබූ වසර දෙදහසක් පැරණි විජයග‍්‍රහණයේ ආරුක්කුව ISIS ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා විනාශ කර දමා ඇතැයි වාර්තා වේ.

සිරියාවේ පුරාවස්තු අධ්‍යක්‍ෂඛ මාමුන් අබ්දුල්කරීම් පවසා ඇත්තේ කාන්තාරයේ ක්‍ෂේම භූමියක පිහිටුවා ඇති මෙම නටඹුන් නගරයේ කේන්ද්‍රයක් වන ආරුක්කුව පුපුරුවා හැරිම විශාල අපරාධයක් බවයි.

පසුගිය මාසයේදීද පැල්මයිරාහි ඉපැරණි සොහොන් කුළුණු ගණනාවක් ISIS විසින් ගලවා දැමුණු අතර අගෝස්තු මසදී බාල් ෂාමින් විහාරය හා බෙල් විහාරය නම් ආගමික විහාර ද්විත්වයක්ද විනාශ කරන ලදී.

2015 මැයි මසදී යුනෙස්කෝ ලෝක උරුමය ISIS ත‍්‍රස්තයින් විසින් අල්ලා ගැනීමෙන් පසුව මේ වන විට මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් අංග ගණනාවක් විනාශ කර ඇති අතර එහි කීර්තිධර පුරාවිද්‍යාඥයා වූ 82 හැවිරිදි කාලිඞ් අල් අසාද් වධබන්ධනයට ලක්කර හිස ගසා දමන ලදී.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉරීනා බොකෝවා පවසා ඇත්තේ පැල්මයිරාවේ පුරා වස්තු විනාශය ශිෂ්ඨාචාරයට එරෙහි අපරාධයක් වන්නේ පැල්මයිරාව යනු සංස්කෘතීන් මුහුවිය හැකි බවට වන භෞතික සාක්‍ෂියක් නිසා බවයි.

අදහන ලබ්ධිය මත දඬුවම් ලබාදෙමින්, ඔවුන්ගේ ශුද්ධස්ථාන වනසමින්, උරුමයන් මකා දැමීම හරහා එම පිරිස්වල අනන්‍යතාවය මුලිනුපුටන ISIS හි මැදපෙරදිග සංස්කෘතික ශුද්ධිය යනු මනුසත්බව අතහැරීමක් බව ඇය පවසා තිබේ.
https://www.youtube.com/watch?v=n96N_F2XHsg

Related posts

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday

මියන්මාර හමුදා ජුන්ටාව විරෝධතා මධ්‍යයේ ඇඳිරි නීතිය පනවයි. | හමුදා ප්‍රධානියා ජාතියත් අමතයි.

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

බටහිර කුරුස සන්ධානයට පහර දෙනු ! අල් කයිදාව මුස්ලිම් ලෝකයෙන් ඉල්ලයි

colombotoday

ලන්ඩන් ප්‍රහාරය ජිහාඩ් වැඩක්.. ඝාතකයා අබු ඉසදීන්.. ජිහාඩ් වොච් අනාවරණය කරයි

colombotoday

ඇෆ්ගනිස්ථාන වැසියන් රට හැරදමා යාමට පොර බදිති. ගුවන් යානයක රෝදයේ එල්ලී ගිය තිදෙනෙක් ඇද වැටී මරුට

colombotoday