Colombo Today Local News

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

sirisena

ජාතික ආරක්ෂාව අංක එකේ ප්‍රමුඛතාවය කොට අපි සලකනවා.ආරක්ෂාව පිළිබඳ ආණ්ඩුවක් ලෙස ඉටුකල යුතු කාර්යයන් අබ පියල්ලක තරම්වත් දුර්වල වීමට ඉඩ නොදී ඉතාම විශිෂ්ඨ ලෙස සහ ශ්‍රේෂ්ඨ විදිහට ආණ්ඩුව ඉෂ්ඨ කරනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා පවසයි.

ඊයේ 04 පාර්ලිමේන්තුව අමතමින් ජනපතිවරයා වැඩි දුරටත් පැවසුවේ බන්ධනාගාර ගත කර සිටි කොටි සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට සහ තහනම් දෙමළ ඩයස්පොරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට තම රජය කටයුතු කළ බවත් එය පසුබිම්කරගෙන මේ රටේ අන්තවාදී පිරිස් ජාතික ආරක්ෂාව බිදවැටී ඇතිබවට ප්‍රචාර ගෙන යමින් සිටින බවත් පැවසීය.

දේශපාලන තක්කඩින්ගේ අවසාන තිත්පොළ දේශප්‍රේමය යැයි ශ්‍රී නේරු තුමා පවසා ඇති බවද සදහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ අදාල ඩයස්පොරා සංවිධාන ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ද නොමැති බවට බුද්ධි අංශ වාර්තා ලැබී තිබෙන බැවින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

Related posts

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

වෙඩි කෑ සයිටම් ලොක්කා පොලිසියටත් නොදන්වා රට පනී !!

colombotoday

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

හිටපු අමාත්‍ය රාජිත ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday