World

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ලෝගර් පළාතේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිපිරීමෙන් හමුදා භටයන් කිහිපදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර ළමුන් කිහිප දෙනෙක් ද වන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.

තම සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව තලේබාන් සටන්කාමීන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin