Colombo Today Local News

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

avantgurd unpමුහුදු ආරක්ෂක සේවාව ඇවන්ගාඩ් සමාගමෙන් ඉවත් කර තම සමාගමකට පවරා ගැනීමට මාන බලන එක්තරා ව්‍යාපරිකයෙක් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් ඇවන්ගාඩ් සමාගම නීති විරෝධි බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතාන මහතා පවසයි.  එමෙන්ම ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්දයෙන් තිලක් මාරපන, විජේදාස රාජපක්ෂ යන ඇමතිවරුන් සිදුකළ ප්‍රකාශ නිවැරදි බවත් මෙම සිද්ධිය සම්බන්ධනේ සැබෑ තත්ත්වය දැන් රටේ ජනතාව තේරුම් ගනිමින් සිටින බවත් ඊයේ (13) ඇඹිලිපිටියේදී පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ඇතැම් අය ඊර්ෂියාවෙන් පෙළෙන බවත් එක්තරා මාධ්‍ය ආයතන හිමිකරුවකු එම ව්‍යාපාරය ඩැහැ ගැනීමට උත්සහා කරමින් සිටින බවත්, ඇවන්ගාඩ් සමාගමට එරෙහිව හඩ නගන දේශපාලකයන් එම මාධ්‍ය මුදලාලිගේ වරදාන ලබන පිරිසක් බවත් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාද ඉකුත්දා ප්‍රකාශ කර තිබුණා.

මේ අතර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉකුත් දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී එම සමාගමේ ගිවිසුම් අවලංගු කර ඔවුන් භාරයේ තිබූ සියළු මෙහෙයුම් හා ගිනි අවි නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා නියෝග කළ බවත්, ඇවන්ගාඩ් සමාගමේ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් තමන් දැඩි පියවර ගන්නා බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවට සහභාගි වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ඇවන්ගාඞ් ආයතනයේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට පූර්ණ වශයෙන් භාරදීමක් තවමත් සිදුවී නොමැති බවයි. ආරක්ෂක ලේකම්වරයාද ප්‍රකාශ කර තිබුනේ නාවික හමුදාවට පවරා ඇත්තේ අදාල සමාගමේ අවි කළමනාකරන කටයුතු පමණක් බවයි.

Related posts

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

සමගි ජන බලවේගය අවුලෙන් අවුලට. | කෘත්තියාධිකාරී මණ්ඩලයේ සහය ඩයනාට | සජිත්වත් ඩයනාට පන්නා දැමිය හැකියි.

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

colombotoday