Colombo Today Local News

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්‍ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට හානියක් සිදුවන බව එම ගිවිසුමේ කෙටුම්පත විමර්ශනය කිරීමේදී පෙනීයන බව සන්ඬේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කීය.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ. 

සෝෆා ගිවිසුමේ කෙටුම්පත අනුව මෙහිදී ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරික්‍ෂාවකින් තොරව තබා ගැනීමට ඇමෙරිකාවට හැකියාව ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකටවත් රේගුවටත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා හෝ ගුවන් යානා පරික්‍ෂා කිරීමටවත් ඒවාට ඇතුළුවීමටත් අවසර නොලැබේ.

කිසියම් රටටකට අයත් භූමියක හෝ මුහුදු සීමාවක් තුළ රඳවා තිබෙන ගුවන් යානාවක්, යාත්‍රාවක්, වාහනයක් පරික්‍ෂා කිරීමට එරට ආරක්‍ෂක අංශවලට ඇති ස්වෛරි අයිතිය අන්තර්ජාතික වශයෙන් පිළිගත්තකි.

කෙසේ වෙතත් යෝජිත සෝෆා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නොගැනීමට, රේගු බදු නොගෙවීමට සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමෙරිකාව මාන බලන බවක්ද පෙනේ.

එපමණක් නොව ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමෙරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමෙන් තබා ගැනීමේ බලය හිමිකර ගැනීමටද ඇමෙරිකා රජයට අවශ්‍ය වී තිබේ.

තවද ඇමෙරිකානු හමුදාව සතු අවි ආයුධ සහ සන්නද්ධ උපකරණ නිදහසේ තබා ගැනීමට ද මෙම ගිවිසුම හරහා ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුමත සාමාන්‍ය නීතියට අනුවත් එලෙස ආයුධ තබා ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට සහ ඒකාබද්ධ හමුදාවල පමණි.

මීට අමතරව, ඇමෙරිකානු හමුදාවලටත් කොන්ත්‍රාත්කරුවන්ටත් තනි තනිව හෝ සමූහිකවත් තමන්ගේ අනන්‍යතාව භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමට, පිටත්ව යාමට හැකියාවක් ඇති කර ගැනීමටද ඇමෙරිකානු බලධාරීන් මෙම ගිවිසුම හරහා ඉටුකර ගැනීමට නියමිතය. එහි අර්ථය නම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයකින් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඔවුන්ට ඉඩ ලැබීමය.

Related posts

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අසාද් සාලිට රැඳවුම් නියෝග.

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

colombotoday

ජාතික රෝහලේ ලක්ෂ 79ක මුදල් මංකොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙක්

colombotoday