World

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඉරානයේ ප්‍රබලම ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ඩ්‍රෝන යානා යොදාගනිමින් පසුගිය ජනවාරි මාසයේදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.

ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එම ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කරන තවත් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් විසින් නියෝග කරනු ලැබ තිබෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ද ඉල්ලා ඇත.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි අවස්ථාවේදී ඉරාන ජෙනරාල්වරයා ඝාතනයට ලක්විය.

ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූයේ ජනවාරි 3 වැනිදා ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනකුට අධික පිරිසක් ඊට සම්බන්ධ යැයි ද ඔවුන්ට ‘‘මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදී චෝදනා’’ එල්ල කර ඇතැයි ද තෙහ්රාන් හි විනිසුරුවරයකු වන අලී අල්කසිමෙහ්ර් උපුටා දක්වමින් ඉරානයේ අයි.එස්.එන්.ඒ. පුවත් සේවය වාර්තා කර තිබිණි. අයි.එස්.එන්.ඒ. යනු ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයකි.

විනිසුරු අලී අල්කසිමෙහ්ර් අන් අය කවුරුන්දැයි සඳහන් නොකළ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව වුවද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව පැවැසීය.

ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන්නැයි ද ඉරානය, ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා ඇත. රතු නිවේදනය යනු ජාත්‍යන්තර පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ඉහළම නිවේදනය යි.

අල්ජසීරා

Related posts

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

colombotoday

අවුන්සාන් සුකී සිරකළ වීරතු හිමියන්ට හමුදා පාලනයෙන් නිදහස? | පරගැති සුකීට එරෙහිව මියන්මාරයේ භික්ෂු සහය හමුදා පාලනයට.

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday

මුස්ලිම් ජනගහන වර්ධනය මන්දගාමී කිරීමට පියවර ගනිමින් ඉන්නවා

colombotoday

කොවිඩ් මරණ 21000 – 7500ක් ඉතාලියේ

colombotoday