Colombo Today Local News

ඇමති සජිත් ප්‍රේමදාස නිසා කූරගල තවමත් අඳුරේ. පොලිසිය දැනුවත් කර කූරගලට විදුලිය දෙනවා. විදුලිබල ඇමැති රවි කියයි

ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග පවත්වන සාකච්ඡුාවලින් ප‍්‍රතිඵලයක් නොලැබුණහොත් පොලිසිය දැනුවත් කොට කූරගලට විදුලිය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය.

කූරගල පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් හතරක් දුරට මේ වන විටත් විදුලිය ලබාදී ඇති අතර තවත් විදුලි කණු 26 ක් පමණ සිටුවා දින හතරකදී එම ප‍්‍රශ්නය විසඳීමට ඇතැයි ඇමැතිවරයා කීය.

මෙම පුදබිමට විදුලිය ලබාදීම සඳහා නිසි ආකාරයට කටයුතු කරගෙන යන විට ඉහළින් පැමිණි නියෝගයක් අනුව නතර කිරීමට සිදුවූ බවද හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයා ඒ පිළිබඳව මෙසේද කියා සිටියේය.

කූරගලට විදුලිය දෙන ලෙස ස්වාමීන් වහන්සේ සහ මන්ත‍්‍රීවරුන් රැසක් නොයෙක් ඉල්ලීම් කළා. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණොත් දැනට අවශ්‍ය විදුලි කණු 26 ම දින හතරකින් ලබාදෙන්න පුළුවන්. අපි ඒ වැඩ අරඹා කටයුතු කරද්දී දෙවැනි දවසේ නවත්වන්න කියලා නියෝගයක් ලැබී තිබුණා. ලක්‍ෂ 10 කට දවස් හතරකදී ඒ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්.

ඒත් ඒ දේ වෙන්නේ නැත්තේ පුරාවිiා දෙපාර්තමේන්තුවේ අවසරය නැති නිසයි. මේ ප‍්‍රශ්නය විසඳන්න අපි පොලිසිය සමගත් කතා කළා. ආගමික ප‍්‍රශ්නයක් ඇති නොවන විදිහට මේ ප‍්‍රශ්නය විසඳන්න අපි සූදානම්. මේක නවත්වන්න අවශ්‍ය වන්නේ ඇයි දැයි අපට ගැටලූවක්. අපි පුරාවිද්‍යා අවසරය ලබාගෙන බඩුත් අරගෙන විදුලිය දෙන්න යද්දී ඒක එක පාරටම නැවැත්තුවා. ඒ ඇයි කියලා ඇහැව්වාම ඉහළ නියෝගයක් කිව්වා. මේ ගැන අපි කැබිනට් එකෙත් කතා කළා. ලංකා විදුලිබල මණ්ඩලයට මේ සඳහා රුපියල් ලක්‍ෂ 11 යි යන්නේ. තාවකාලික නිවාසවලට හැර අපිට ඕනෑම තැනකට විදුලිය ලබාදිය හැකියි.

මේ අතර ලංවිම සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අගෝස්තු 30 දා වන විට වැඩපිළිවෙළක් සකස් කරන බවද ඇමැතිවරයා පැවසීය. ලංවිම සේවකයන් හොඳ වැටුපක් ලබා ගත්තත් නිකරුනේ කේවල් කර පඩි ගත්තාම වැඩ කරන ස්වරූපයක් පෙනෙන්න නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin