Colombo Today Local News

ඇමති නාමල් ගේ නම විකුණා අපරාධ සිදු කල අයෙක් අත්අඩංගුවට

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම, පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අන් සතු නිවෙසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු මහරගම නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොහොමද ඇල්ලුවේ?

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාළ පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාට ලැබීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ද සහභාගි කරගෙන සිදුකළ රහසිගත විමර්ශනයකින් අනතුරුව සැකකරු අලුත්ගම ප්‍රදේශයේ අයෙක් බවටහඳුනාගත් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

සහනාධාර බලාපොරොත්තු වෙන්න එපා

Admin

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන ගැන දැනුම් දෙන්න අලුත් හදිසි ඇමතුම් අංකයක්

Admin

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday