ඊයේ(10)දින ඇපමත මුදාහැරීමෙන් පසු රාජිත සේනාරත්න මහතා සහභාගී වූ සමගි ජනබලවේගයේ අපේක්ෂක හමුව අමතමින් කියා සිටියේ තමන් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් දිනපතා කතා කළ බවයි.
දිනපතා තමන්ට අමතමින් සජිත් ප්‍රේමදාස මහතා තමන්ව ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් බන්ධනාගාර තුල දුරකථන භාවිතය සපුරා තහනම් කර ඇත.
බන්ධනාගාරවල දුරකථන සොයමින් විශේෂ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු වෙයි.