Colombo Today Local News

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඇඳිරි නීතිය ඉවත් කිරිමේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවත් ඊට යොමු කොට සිටින පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට දැන්ම වැඩපිළිවලක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(05)දින පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවට වන පණිවිඩය පැහැදිලිවම ඊට යොමු කොට සිටින පිරිස් වෙත ලබා දියයුතු බවයි.

මේ වන විට ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින අයවළුන් එළියට නොයන බවත් ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුවද නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් එය කඩ නොකොට සිදුකරගෙන යන ආකාරය ගැන ඉදිරි දින කිහිපය තුලදී නිසි වැඩපිළිවලක් සකස් කළ යුතු බවට මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්නා.

Related posts

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

colombotoday