World

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

කොරෝනා වයිරස රෝගියෙකුට රහසිගතව ප්‍රතිකාර කළ උස්බෙකිස්තාන වෛද්‍යවරයෙකු කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.
 
මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වෛද්‍යවරයෙකි.
 
මෙම වෛද්‍යවරයා රෝගය ආසාදනය වීමෙන් පසු පවසා ඇත්තේ තමා උස්බෙකිස්තානයේ පළමු ආසාදිතයාට ප්‍රතිකාර කළ බවයි.
  
මාර්තු 26 දින වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය බරපතල වී ඇති අතර, රෝහල් ගතකර දින දෙකකට පසුව මියගොස් ඇත.
 
ඔහු කොරෝනා රෝගයෙන් එරට මියගිය දෙවන පුද්ගලයා වෙයි.
 
උස්බෙකිස්තානයේ මේ වනවිට වයිරස ආසාදිතයන් 104ක් තහවුරු කරගෙන ඇත.
 
එහි සියලුම පළාත් වසා දමා පුරවැසියන්ට නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබේ.

Related posts

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

colombotoday

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

විසා තහනමට එරෙහිව මුස්ලිම් ව්‍යපාරිකයෝ නිව්යෝර්ක්හී උද්ඝෝෂණ

colombotoday