Colombo Today Local News

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලික වාසාදැමූ බව හලාවත පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

හලාවත – සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනා ගෙන බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම හදුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින් අතර ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුද වේ.

ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ස්වයං නීරෝධායනයට යොමු කර තිබී ඇත.
මොවුන් දෙදෙනා හලාවත – මැදවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති ආසාධිතයෙකුගේ සමීපතයින් ලෙස හදුනා ගෙන ඇත.

එසේ නිරෝධායනයට ලක් කර සිටි එක් නිලධාරියෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මේ හේතුවෙන් වසා දමා ලද ආරච්චිකට්ටුව පොලීසය නල්දරන්කට්ටුව ප්‍රජා ශාලාවේ තාවකාලිකව ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

Related posts

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

Admin

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday

මම ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා

Admin

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඉන්දියාවට..! ‘ඇමතිතුමා මාව පන්නන්න හදනවා‘ – ඛණිජවැලි සභාපති

colombotoday