Colombo Today Local News

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

 ගාල්ල  දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.

මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කැබිනට් සංශෝධනේ ඇස්බැන්දුමක්.. මේ වගේ විහිළු නොකර හිටියනම් හොදයි – රවී

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

වැඩිමිලට බිත්තර අලෙවි කරන්නන් සොයා වැටලීම්

Admin

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්විය යුතුයි – මල්වතු පාර්ශ්වය

colombotoday

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිද වැටෙයි

colombotoday