ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදු ජනපෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී දිසානායක මහතා පවසන්නේ ඒ සඳහා දෙපාර්ශවයේ නියෝජිතයින් පිරිසක් මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි.
මෙම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමේ පවතින අතර අවසන් තීරණ කිහිපයක් මෙම සතිය ඇතුළත ගැනීමට නියමිත බවයි මන්ත්රීවරයා කියා සිටියේ.