Colombo Today Local News

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අල්ලස් චෝදනාවක් මත ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත් අඩංගුවට පත්වීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ.

මෙම සිද්ධියට සමබන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන ලෙස නියෝග කළ ජනාධිපතිතුමා ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සියලු බලධාරීන්ට දන්වා සිටී.

අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වෙයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2018.05.03

Related posts

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

එජා ප්‍රඥප්තිය කඩකරලා.. අල් හුසේන්ට විදෙස්ගත ලාංකික සංවිධානයකින් නඩු!

colombotoday

(Video)යහපාලනයේ විරුද්ධ පාක්ෂික දඩයම් ක්‍රමවේදය නාමල් සරලවම පැහැදිලි කරයි

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

colombotoday

පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොන

colombotoday