Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි !

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) අත්සන් තැබී ය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද  පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරු ව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.

Related posts

පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාල

Admin

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

අරමුදල් හිස් වේ… මහපොළත් කැපෙන ලකුණු

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday