ශ්‍රී ලංකා
අමරපුර මහා නිකායත්, ශ්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායත් ජාතික ආගමික හා
ශාසනික සේවාවන්හිදී එක්ව කටයුතු කිරීමට ගිවිස ගැනීමේ සම්මුති පත්රයකට
අත්සන් තැබීම අද (16 වැනිදා) සවස 2.30 ට කොළඹ 07 නිදහස් මාවතේ පදනම්
ආයතනයේදී සිදු කෙරේ.
මෙම ඓතිහාසික අවස්ථාවට නිකාය දෙකේ
අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමද, සියලූ පාර්ශ්වවල මහානායක,
අනුනායක, සංඝනායක හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා 450 නමක නියෝජිත
නාහිමිවරුන් ලෙස වැඩම කෙරෙනු ඇත.
එම නිකායවල නිකායාරක්ෂක දායක සභාවල නිලධාරි මණ්ඩලද මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.