Colombo Today Local News

අපේ විදෙස්ගත ශ්‍රමිකයින් දුක්විඳිනවා.. තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ- සජිත්

මෙරටට වැඩිම ආදායමක් හිමිකර දෙන විදෙස්ගත ශ්‍රමිකයින් වත්මන් ආණ්ඩුව අමතක කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ආණ්ඩුව නියෝජනය කරන තානාපති කාර්යාල ඔක්කොම නිදිමතේ ඉන්නේ..එදා ජනාධිපතිවරණයේ දී ඡන්දේ දාන්න එනකොට ඒ අයට කිවුවා රට විරුවන් කියලා..කොරෝනාව එනකොට කොරෝනා බෝම්බකරුවෝ කිවුවා..එහෙව් ආණ්ඩුවක් මේක..”යනුවෙන් ඒ මහතා පැවසීය.

පාදුක්ක ප්‍රදේශයේ ඊයේ (29)දින පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයේ දී මුළු රටෙන්ම වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණයක් ලබාගෙන සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සිදුකරන බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

Related posts

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

colombotoday

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday