Colombo Today Local News

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

ලෝකයේ රටවල් ගණනාවක ඩොලරය ශක්තිමත් වී, එම රටවල මුදල් බාල්දු වී ගොස් තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) ප්‍රකාශ කළේය.

ඩොලරය ශක්තිමත් වී රුපියල බාල්දු වීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොව, එය ඉන්දියාවට හා පාකිස්තානයටද එක ලෙස බලපා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙනවාට සාපේක්ෂ්ව ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩි වීම නිසා තෙල් මිල වැඩිවී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය. අද වනවිට ඩොලරයේ අගය රුපියල් 167.14 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු කීවේය.

“තෙල් මිල වැඩි වීම ගැන අමාත්‍යාංශය මොකද කරන්නේ කියලා මෙතුමා අහනවා. ලෝකයේම ඩොලරය ශක්තිමත් වෙලා අනෙක් මුදල් සියල්ලම බාල්දු වෙලා තියෙනවා. ඉන්දියාවටත් පාකිස්තානයටත් මේක වෙලා තියෙනවා. ලෝකයේ රටවල් ගණනාවක බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල් 2000කින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා තව ටික දවසකින් මෙතුමා කියයි. එතකන් ලෝකයේ තියෙන මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනෑ.

විශේෂයෙන්ම එදා මෙයාලා තෙල් මිල අඩුවට තිබෙද්දිත් වැඩි මිලට තෙල් විකුණලා ලොකු ලාභයක් ගත්තා. අද එහෙම නැහැ. අද ලෝක වෙළෙඳපොළේ පවතින මිලටම තමයි දෙන්නේ. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වුණොත් වැඩි වෙනවා. අඩු වුණොත් ඒ වාසිය දෙනවා කියලා තමයි අපි කිව්වේ.”

Related posts

හෙට සිට වෙනස් වන කාළගුණය

Admin

වාහන සිහිනය තවත් ඈතට… අලුතෙන් තවත් බද්දක් පනවන්න යයි!

colombotoday

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නිර්දේශ කෙරේ

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

colombotoday

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday