Colombo Today Local News

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

දහම් පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් සිදු කරන මෙහෙවර නිසි ලෙස ඇගයීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (27) පෙරවරුවේ වව්නියාවේදී පැවති “සමස්ථ ලංකා දහම් පාසැල් නිපුණතා – 2019” වැඩසටහනේ දී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන්ම ප‍්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක.

විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක‍්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත්වෙලා තියනවා.

මේ රටේ ප‍්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා.

ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චුපොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව.

සිංහල අලූත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.

අපි කවුරුත් තේරුම් ගන්න  ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා.

ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා.

එතකොට අවුරුදු කිහිපයක් ගත වුණාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස් වෙලා.

පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මහා සංඝරත්නයේ මඟ පෙන්වීමයටතේ, මේ රටේ දහම් පාසල්අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා.

සිද්ධවෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක.

ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්‍රවේශය වෙනස් වෙන්න  ඕන කියල මම විශ්වාස කරනවා.

දහම්පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත්  ඕන.

ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලූවන්වෙලා තියෙන්නෙ.

ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.”

Related posts

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

අද සිට දිනකට පැය දෙකක් විදුලිය කැපේ !

colombotoday

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

colombotoday

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

50 වන ලෝක පරිසර දිනය අදයි

Admin

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

Admin