Colombo Today Local News

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදෙස් ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන නව චීන තානාපති ක්වි සෙන්හොන් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි.

චීන තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීම සඳහා මෙම හමුව සිදු විය.

චීනය අත් කර ගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් මෙරට ඇති කර ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සිය ප්‍රධාන ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා චීනයේ සහය අපේක්ෂා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නව චීන තානාපතිවරයා පවසා ඇත්තේ, මෙරට සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට චීනය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාසය බව ද ඔහු එහිදී පවසා ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

මලික් සමරවික්‍රමලාට ගමේ යූ.ඇන්.පී කාරයාගේ හදගැස්ම තේරෙන්නෑ.. එජාප අවුලට හේතුව තිස්ස පැහැදිළි කරයි

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday

නෙළුම් පොකුණ චන්ද්‍රිකාගෙ.. මහින්ද නම දාගත්තා.. ඉවසුවා ඇති – ජනපති රහස් හෙළි කරයි

colombotoday

යහපාලනය එළිපිටම හොරු රකිනවා.. යහපාලන සගයන්ගෙන් චෝදනා

colombotoday

නාකොටික් නිලධාරීන් ඇතුළු 17දෙනා යළි රිමාන්ඩ්.

colombotoday