Colombo Today Local News

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් කැදවා තිබේ.

එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ එලඹෙන මහමැතිවරණයේදී තමුන්ට තනි මනාපය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි

මෙහිදී ශාන්ත බණාඩාර මන්ත්‍රීවරයාට කිසිසේත්ම මනාප ලබාදීමට කටයුතු නොකරන ලෙසටත් දයාසිරි වැඩිදුරටත් පවසා ඇත.

තමුන් ශ්‍රීලංකා නිදහස් පක්ශයේ අනාගත නායකයා වන බවත් ඒ සදහා වැඩිම මනාප ලබා ගැනීම අතිශය වැදගත් බවත් ශාන්ත බණ්ඩාර ඔහුට සිටින ප්‍රතිවාදියා නිසා ඔහුට වැඩිපුර මනාප ලැබුනොත් එය නායකත්ව ගමනට බලපාන බවත් දයාසිරි අමාත්‍යවරයා පවසා ඇත.

ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් මෙහෙදී ඒ සදහා අකමැත්ත පලකර ඇති අතර ඔබතුමා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණයට උදවු කලෙත් අන්තිම මොහොතේ ඒ නිසා මිනිස්සු ඉන්නෙ ගොඩක් කේන්තියෙන් යැයි පවසා ඇත.

නමුත් දයාසිරි දිගින් දිගටම පවසා ඇත්තේ වැඩි මනාප නොගත්තොත් ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායකත්වයට යෑමට අපහසු බවයි.

Related posts

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

colombotoday

Facebook විහිළුව හැබැවටම. | කහපාට ගෑස් සිලින්ඩරේ නිල්පාට කර මුදලාලිව අන්දලා

colombotoday

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

Admin

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin