සෙන්තිල් තොන්ඩමන් බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සංවර්ධනය පිළිබඳව මෙහිදී සාකච්ඡාවක් පැවැත්වුණු බව සෙන්තිල් තොන්ඩමන් සඳහන් කර සිටියි.
මුල්‍ය ආදාර වෙනුවෙන් පුද්ගලයින් වෙනත් ආගම්වලට හැරවීම නැවත්වීම සඳහාත් වෙනත් ආගම්වලට හැරුණු පුද්ගලයින් නැවත තම ආගම වෙත ගැනීම පිළිබඳව නව සැලසුම් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු බව සෙන්තිල් තොන්ඩමන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.