Colombo Today Local News

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

2009 වසරේදී මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුදාගැනීමට එවක ඉන්දීයාව පාලනය කළ කොන්‍රගස් රජය සූදනමින් පසුවූ බව භාරතීය ජනතා පක්ෂය කළ හෙළි දරව්වක් ගැන එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ එම පක්ෂයේ රාජ්‍ය සභා සභික සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින්.

ඉන්දීය කොන්ග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි හා එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී. චිදම්බරම් යන දෙදෙනා සහ එල්ටීටීඊ නායකයා අතර දැඩි සබදතාවක් පැවැති බව සුබ්‍රමනියන් ස්වාමි මහතා සිය බ්ලොග් අඩවියේ සදහන් කර තිබේ.

2009 අවසාන යුද සමයේදී එල්ටීටීඊ සංවිධානයට අවාසි සහගත තත්ත්වයක් උදාවෙන බව වටහා ගත් එවක ඉන්දීය පාලකයන්, ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් අපේක්ෂාවෙන් වෙරළට පැමිණෙන ලෙස ප්‍රභාකරන් වෙත පණිවිඩයක් එවා තිබූ බවත් එහි සදහන්ව ඇත.

ස්වාමි මහතාගේ අනාවරණයට අනුව ඉන්දියාවේ ප්‍රධානියෙකුගෙන් ලැබුණු විධානයක් මත අදාළ නෞකාව ඉන්දියාවෙන් පිටත් නොවූවත්, ඒ බව ප්‍රභාකරන් වෙත දැනුම්දීමට නොහැකි වී ඇති බව සදහන් වේ.

ඉන්දීය නාවික හමුදාවේ රැකවරණ පතා එළෙස සැගවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණි එල්ටීටීඊ නායකයා ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනයට ලක්වූ බව අදාළ වෙබ් අඩවිය ස්වාමි මහතා උපුටමින් වාර්තා කර තිබුණේය.

Related posts

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

colombotoday

ශ්‍රීලනිප මහනුවර රැස්වීම උණුසුම්.. අමරවීරට එස්බීට විරෝධය.. දිමු කදුළු සලයි

colombotoday