Colombo Today Local News

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක් ගෙන එමට ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද(29)දින මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් නිවසක් කඩාවැටී එකම පවුලේ තිදෙනෙකුට මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අනවසර ඉදිකිරීම සිදුකර දඩ මුදල් ගෙවා එයින් බේරීයාමට නොහැකි වන පරිදි නව පනතට කරුණු ඇතුළත් කරන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මේ අතර, ඉකුත් 20 වනදා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩාවැටුණු පස්මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ ව අපරාධ චෝදනා යටතේ මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අද (29) දින අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු දොඩම්වල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයා වේ.

නොසැලිකිලිමත් ඉදිකිරීම් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ නිවාස කිහිපයකට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ පොලීසිය සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.

තට්ටු තුනක් පමණක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබියදී නිවසේ හිමිකරු එම සැළසුම්වලට පිටින් යමින් මහල් පහක ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බවත් එහි අත්තිවාරම මහල් පහක බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බව පරීක්ෂණ මගින් හෙළිවූ බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා සදහන් කළේය.

මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර පොලීසිය මහනුවර මහනගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් ගොඩනැල්ල සම්බන්ධ වාර්තා ලබාගෙන තිබිණි.

පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ දින 49 ක් වයසැති දරුවා මරණයට පත්වූහ.

Related posts

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

“ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දෙන්න CEYPETCO එකට බෑ”

colombotoday