හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ඊයේ (26) දින කියා සිටියේය.