Colombo Today Local News

අත්අඩංගුවට ගත් කුරුණෑගල ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් තිදෙනෙක් සිරමැදිරියේදී පොලිසියෙන් කුඩු ඉල්ලලා

චෝදනා රැසකට සැකපිට පොලිස්‌ අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා පොලිස්‌ සිරමැදිරියේදී “සික්‌” එක හැදී පොලිස්‌ නිලධාරීන්ගෙන් “මත්කුඩු” ලබාදෙන ලෙස ආයාචනා කිරීමේ පුවතක්‌ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වේ.

කුරුණෑගල නගරයේ ජනප්‍රිය පිරිමි පාසලක අධ්‍යාපනය හැදැරූ අවු. 17 සහ 21 වයස්‌ කාණ්‌ඩවල සිටින මෙම තරුණයන් කුරුණෑගල නගර ආසන්නයේ බණ්‌ඩාරනායකපුර මල්කඩුව සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් එක්‌ තරුණයෙකුගේ පියා සහ මව පොලිස්‌ නිලධාරීන් බවත්, තවත් තරුණයෙකුගේ පියා විදෙස්‌ගතව ඉතාලියේ රැකියාවක යෙදී සිටින අයෙකු බවද අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩී.එම්.සී. දිසානායක මහතා පැවැසීය.

විවිධ ප්‍රදේශවලින් කුරුණෑගල නගරයේ පෞද්ගලික උපකාරක පන්ති සඳහා සහභාගි වෙන සිසුන්ගේ සහ පාසල් සිසුන් සන්තකයේ තිබෙන මුදල් සහ විවිධ දේපළ දිගු කලක්‌ පුරා බලහත්කාරයෙන් පැහැර ගන්නා මෙම තරුණයන් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ගණනාවක්‌ම ලැබුණ බවත් ආරක්‍ෂිත කැමරා පද්ධති ආධාරයෙන් මොවුන් තිදෙනා සහ ඔවුන් මෙම අපරාධ කිරීමට යොදා ගන්නා යතුරපැදිය සහ උපකාරක පන්ති සිසුවෙකුගේ Aඔඵ කාඩ් පතක්‌ සමග රු. 17000/- මුදලක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගත් බව පොලිස්‌ පරීක්‍ෂකවරයා පැවැසීය.

මෙම තරුණයන් තිදෙනාම මත්කුඩුවලට ඇබ්බැහිවී සිටින බවත් මත්කුඩු ලබා ගැනීම සඳහා මුදල් සෙවීමට විවිධ උපක්‍රම යොදා ගැනීම ඔවුන් පුරුද්දක්‌ ලෙස යොමුවී සිටින බවත්, දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ සොයා බලා කටයුතු නොකිරීමෙන් මෙවැනි සමාජ ගත ගැටලු නිර්මාණය වන බවත් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා පැවැසීය.

අත්අඩංගුවට ගත් තම දරුවන් පුනරුත්ථාපනය කර හෝ ඔවුන්ගේ ජීවිත බේරාදෙන මෙන් දෙමාපියන් පැවසූ බවද හෙතෙම කීය. මෙම තරුණයන් තිදෙනා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතය. කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මංගල වික්‍රමනායක මහතාගේ උපදෙස්‌ පිට අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

“සිංහල බෞද්ධයන් මේ රටේ ප්‍රධාන ජාතියයි.. ජනපති-අගමැති ආදර්ශවත් විය යුතුයි“ – අස්ගිරි මහනාහිමි

colombotoday