Colombo Today Local News

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (11) වත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී  වාහනයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවේදී අදාල වාහනයේ රියදුරු විසින් රාජකාරියේ යෙදී සිට නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට උත්සාහ කර ඇති අතර  එම අවස්ථාවේදී රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අදාල වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේම ඉන් පැයකට පමණ පසු එම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Related posts

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

Admin