Colombo Today Local News

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන සියලුම නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (17)දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට උපදෙස් ලබාදුන් බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ විදුලිය ලබාදීම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.

ඒ යටතේ රට තුළ විදුලි පහසුකම් නොමැති පවුල් 12,500 ද ඇතුළත්ව අඩු ආදායම්ලාභි සියලුම පවුල් සඳහා නොමිලේ සූර්ය බල විදුලි උත්පාදන කට්ටල ලබාදීමට නියමිතය.

ලක්ෂ 17ක් පමණ වන සමෘද්ධිලාභී පවුල් ද මෙම වැඩපිළිවෙලට ඇතුළත් කර ගත යුතු බවට මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබුණි.

Related posts

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

Admin

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday

බොරු චෝදනා මත සිරගතකර සිටින රණවිරුවන්ට නිදහස ඉල්ලා මහ සගරුවන සත්‍යග්‍රහයේ

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday