Colombo Today Local News

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත.

ඒ අනුව අදාළ පෙත්සම් 2019 වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනවලදී විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රිවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරමින් රීට් ආඥාවක් ඉල්ලා සිටියේ.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් මේ වන විට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා එක් පෙත්සමකුත් චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා විජයදාස රාජපක්ෂ තවත් පෙත්සමකුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

Related posts

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

colombotoday

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

colombotoday

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin