අමාත්‍ය තනතුරේ කීර්ති නාමයට හානි වන අයුරින් විමල් වීරවංශ මහතා සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා නඩු පැවරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඉකුත් ජනවාරි 21 වැනිදා කුලියාපිටියේ පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අකිල විරාජ් කාරියවසම් මහතාගේ දේපල උපයා ගැනීම සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මෙය හේතුවී තිබේ.
සාපරාධී අපහාසය යටතේ ඔහු මෙසේ නඩු පැවරීමට සූදානම්වන අතර ඒ සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් ඔහු මේවන විට ද වීරවංශ මහතාට එන්තරවාසියක් යවා ඇතැයි වාර්තා වේ.