Colombo Today Local News

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

මෑතකදී අක්‍රිය වූ මෙරට ප්‍රධාන PCR යන්ත්‍රය අළුත්වැඩියා කිරීමට මෙරට කාර්මිකයින් උත්සාහ කළත් එය අසාර්ථක වූ හෙයින් චීනයෙන් විශේෂඥ කාර්මිකයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඒම පීසීආර් යන්ත්‍රය ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන රසායනාගාරයේ ස්ථාපිත කර ඇත.

මේ පිළිබද පැහැදිලි කළ COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා,

“ඇත්තටම පසුගිය දින කිහිපය තුළ ප්‍රධානතම PCR යන්ත්‍රයක් ක්‍රියා විරහිත වෙච්ච තත්වයක් තිබෙනවා මේ වනවිට. ඒක හදන්න අපේ තාක්ෂණික නිලධාරීන් සෑහෙන උත්සාහයක් ගත්තා, නමුත් ඊට හැකියාවක් ලැබුණෙ නෑ.

ඒ PCR පරීක්ෂණ යන්ත්‍රය විශාල වශයෙන් අපට PCR පරීක්ෂණ කරපු යන්ත්‍රය. ඉතිං මේවා පැය 24 පුරාවට පසුගිය දින 20ක් පමණ තිස්සේ එක දිගට භාවිතා කිරීම හේතුවෙන් මේ තත්වයක් ඇතිවෙලා තිබ්බා, හදාගන්න බැරිවුණා. මේ යන්ත්‍රය හදන්න චීනයෙන් පුද්ගලයෙක් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ඒක රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කරලා බොහෝදුරට හෙට දිනයේදී මේ පුද්ගලයා ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබනවා. ඒ පුද්ගලයා ගෙන්වලා යම්කිසි නිරෝධායනයක් යටතේ ඔහු ලවා මේ PCR යන්ත්‍රය හදාගන්න අපි කටයුතු කරනු ලබනවා.”

Related posts

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday

මහ බැංකුවෙන් පොලී අනුපාත ගැන දැනුම් දීමක්

colombotoday

ග්‍රාම නිළධාරීනියට තර්ජනය කළ හිටපු ප්‍ර.සභා මන්ත්‍රී අත්අඩංගුවට

Admin

ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කරන යෝජනාව අද කැබිනට්ටුවට.. රතන හිමි පාරට බහින්න සූදානම්

colombotoday

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday