Colombo Today Local News

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

මෙතෙක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී අද ඒකමතිකව අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අද (06) දින පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 “ඌව වෙල්ලස්ස කැරැල්ලේ සෙන්පතිවරුන්ට ඉමහත් සවියක් වූ අංගම්පොර සටන් කලාව මේ වන තුරු තහනම් සටන් කලාවක් බවට පත්ව තිබුණා. ඌවවෙල්ලස්ස කැරැල්ල සමඟ අධිරාජ්‍යවාදින් අංගම්පොර සටන් කලාව තහනම් සටන් කලාවක් බවට තහංචි පනවනු ලැබුවා. මෙතෙක් තහනමට ලක්ව තිබූ අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත් කරන්නට යහපාලන රජයේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයේදී අද දින ඒකමතිකව තීරණය කරනු ලැබිය.

ඌව වෙල්ලස්ස කැරැල්ලේ කැප්පෙටිපොළ සෙන්පතිවරයා ප්‍රමුඛ මහවිරුවන් මෑතක් වන තුරුම දේශද්‍රෝශීන් ලෙසයි හදුන්වා තිබුණේ. මෙතෙක් දේශද්‍රෝහින් ලෙස සැලකූ එම සෙන්පතිවරුන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දේශප්‍රේමීන් බවට පත් කළා.

ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු විසින් තහනම් කර තිබූ මෙම සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත් කරනවා පමණක් නොව එය සුරක්ෂා කරන්නටත්, ප්‍රවර්ධනය කරන්නටත් ප්‍රගතිශිලි දේශප්‍රේමි තීන්දුවකට අප එළඹුනා” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධව පැමිණිල්ලක්.

colombotoday

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday