Colombo Today Local News

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

ප්‍රවීන ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි.

හෙළ සංගීත කේෂ්ත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන කේෂ්ත්‍රයේ අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි.

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේල පාට පොදක් තිලක ලා නළල් තලාවේ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා,හද විමන් දොරින් එන පැතුම් පවන් ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවාය.

හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.

Related posts

කතරගම මහ කපුවාට ඇප

Admin

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday

ලංකා ඉතිහාසයේ එකවැර ගෙවූ දැවැන්තම ණය මුදල රජය ගෙවා දමයි…

colombotoday

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin