World

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

ෂියා මුස්ලිම් පූජකයකු ඇතුළු 47 දෙනෙකු ඉකුත් සෙනසුරාදා සෞදි අරාබියේදී එල්ලා මරා දැමීමෙන් පසුව සුන්නි – ෂියා විරසකය යළිත් කරළියට පැමිණ ඇති අතර ෂියා මුස්ලිමුන් බහුතරයක් වෙසෙන ඉරානය සමගද සියළු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හැර දැමූ බවට සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

සෞදි විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල් ජුබියර් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෞදි අරාබියේ සිටින ඉරාන රාජතාන්ත්‍රිකයින් සියලු දෙනාට පැය 48ක් තුළ සෞදි අරාබියෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව ය.

ඉරාන විරෝධතාකරුවන් සෞදි අරාබියේ රාජත්‍රාන්ත්‍රික සබඳතා පළුදු කිරීමට ඉවහල් වූ බව ඔහු සඳහන් කර තිබේ.

ඒ, ෂියා මුස්ලිම් පූජකයා සෞදියේදී මරා දැමීමෙන් පසු ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සහා සෞදි රජ පවුලේ පින්තූර ගිනිතැබීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙනි.

2011 වසරේ අරාබි වසන්තය නමැති විප්ලවීය නැගිටීමට සම්බන්ධ ප්‍රධාන පෙළේ ෂියා නිකායික පූජකවරයෙකු ද ඇතුළුව සිරකරුවන් 47 දෙනෙකු සෞදි රජය ඉකුත් සෙනසුරාදා එල්ලා මරා දැමීමෙන් අනතුරුව ඊට එරෙහිව ලොව රටවල් කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

මූලාශ්‍ර

Related posts

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානය කළ ගැම්බියාවේ දරුවන් 66ක් වකුගඩු අකර්මණ්‍ය වී මරුට

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

රුවුල නැතිනම් රැකියාවෙන් දොට්ට

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin