World

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම ප්‍රදේශයේ මත්පැන් විකුණන ස්ථාන වසා දමා තිබීම නිසා ඔවුන් සැනිටයිසර් පානය කිරීමට පෙළඹී ඇති බවට සැක කෙරේ.

කුරිචේදු නම් එම ගම්මානයේ කොරෝනා අසාදිතයින් බහුල ව හමු වී තිබේ.

මියගොස් ඇති පුද්ගලයින් ජලය සහ සිසිල් බීම සමග සැනිටයිසර් මිශ්‍ර කර පානය කර ඇති බව පොලීසිය පවසයි.

දැඩි ලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති සමහර පුද්ගලයින් එම මිශ්‍රණයන් දින 10ක් පමණ පානය කර ඇති බව පැවසේ.

Related posts

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin