Colombo Today Local News

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැති බව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැහැ- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය

වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.

තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.

වෙසක් සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයන්හිදී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන්හිදී පමණක් තොරණ සහ දන්සැල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම් මැනැවැයි යනුවෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම කර ඇත්තේ බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාවය මතය. එයින් කිසිසේත්ම තොරණ ප්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීම තහනම් කිරීමක් අදහස් නොවෙයි.

එමෙන්ම බුද්ධ ශාසනයට අදාළ සියළු තීරණ අමාත්‍යංශය විසින් ගනු ලබන්නේ බෞද්ධ උපදේශක සභාවෙහි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ එකඟතා මත බවත් අමාත්‍යවරයා කියා සිටියි.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්”

Related posts

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

ඥානසාර හිමි සිරගත කල ආණ්ඩුවට උත්තර දෙන්න ජනතාව බලාගෙන ඉන්නවා

colombotoday

අගමැති උගන්ඩාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කලද? සෙරනිට් ගෲප් සමාගමෙන් නිවේදනයක්

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday