Colombo Today Local News

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සදහා විද්‍යුත් ලිපිනයන් හා ෆැක්ස් අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.

ඊට අදාළ ව හඳුන්වාදී ඇති 1997 හා 1917 යන දුරකතන අංක දෙකට අමතරව මෙම විද්‍යුත් ලිපින හා ෆැක්ස් අංකය හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1997@police.lk යන විද්‍යුත් ලිපිනයෙන් තොරතුරු ලබාදිය හැකි අතර අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා 1917@police.lk යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය.

මීට අමතරව 011 2440 440 ෆැක්ස් අංකයෙන් ද අදාළ තොරතුරු ලිඛිතව ලබාදිය හැකි බවද පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin

පිංවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

ජනපති ආ උත්සවයේ ‘පන්සිල් ගැනීම‘ මගහරී.. හිමිනමක් නැගිට විරෝධය දක්වයි (Photo)

colombotoday