Colombo Today Local News

විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ගණකාධිකාරිවරයාට ත්‍රිකුණාමලය මහාධිකරණය අද අවුරුදු 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ, මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

සාවද්‍ය පරිහරණයට ලක්කළ රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක් වන මුදල මෙන් තෙගුණයක්, එනම් රුපියල් පන්කෝටි විසි දෙලක්ෂයක මුදලක් විත්තිකරුගෙන් නැවත ලබා ගැනීමට කටයුතු කරන්නැයි අධිකරණය මෙහිදී නියෝග කළේ ය.

මෙම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තව ත් අවුරුදු 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවමකට විත්තිකරුට යටත්වීමට සිදුවන බව ද අද දින ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් වේ.

අවුරුදු 14 ක දීර්ඝ විභායකින් අනතුරුව අද මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය මුදල් අවභාවිතය සඳහා ගණකාධිකාරිවරයා චෙක්පත් 6 ක් භාවිතා කර ඇති බවත් ඉන් චෙක්පත් 5 ක් ඔහු තම බිරිඳගේ බැංකු ගිණුමකට බැර කර ඇති බවත් අධිකරණය හමුවේ ඔප්පු විණි.

තව ත් චෙක්පතක් ඔහු විසින්ම අත්සන් තබා ත්‍රිකුණාමලයේ බැංකු ශාඛාවකින් මුදල් කර තීබිමත්, මෙම නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව සනාථ විය.

විත්තිකරු විසින් ලබාදිය යුතු පන්කෝටි විසිදෙලක්ෂයක් වූ මුදල යළි ලබා ගැනීම සඳහා ඔහුගේ චංචල සහ නිෂ්චල දේපල, ඉඩම්, රන් ආභරණ සහ මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව ඔහුගේ දරුවන් වෙත පවරා දී තිබෙන සියලු ඉඩම් වහා අත්පත් කරගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු කරන්නැයි විනිසුරු එම්. ඉලංචේලියන් ලබා දුන් තීන්දුවේ සඳහන් වේ.

මහජනතාවගේ බදු මුදල් අපහරණය කරන රාජ්‍ය නිලධාරීන්ට මෙම නඩුවේ තීන්දුව ආදර්ශයක් වනු ඇති බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත

Related posts

රතු කැකුළු නෑ කියා තවමත් පැමිණිලක් ලැබිලා නෑ

Admin

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

colombotoday

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday

බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

colombotoday

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

colombotoday