Colombo Today Local News

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශ්වය මගින් ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ආකාරයෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ.

ඒ අනුව ඉදිරි වසර පහට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහිවන බව අවධාරණය කළේය.

තමන් මීට පෙරද මෙම අනාවැකිය පවසා ඇති බව සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝම්බර් මාසය වන විට එම අපේක්ෂකයාගේ නම හෙළිකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සඳහන් කරන්නේ ඔවුන්ගේ පාර්ශවයෙන් ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු හෝ ඇය පොහොට්ටු සාමාජිකයෙක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් පසුවෙයි.

ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකරන්නේ නම් ඔවුන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අඛණ්ඩව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පළකරන හෙයින් 2020දී පාර්ලිමේන්තු බලයක් නොව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් සමඟ තවදුරටත් ගමන් කිරීමට සිදුවන බවට සලකුණු පෙන්වා තිබේ.

Related posts

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

colombotoday

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday

“හිටපු ජනපති මහින්ද නමිනුත් උදාගමක් නම් කරනවා” – සජිත්

colombotoday